Director identification number – Sinhalese
Australian Business Registry Services (ABRS) is responsible for the director identification number (director ID) program. If you are a director or plan to become one, you need a director ID.
මෙම පිටුව වෙනත් භාෂාවලින් බලන්න.
Director ID යනු කුමක්ද?
Director ID (අධ්යක්ෂ හැඳුනුම්පතක්) යනු ඉලක්කම් 15ක පුද්ගලික යොමු අංකයකි. එය ලබා දෙන්නේ අධ්‍යක්ෂකවරයෙකුට හෝ අධ්‍යක්ෂකවරයෙකු වීමට සැලසුම් කරන අයෙකුට ඔවුන් අප සමඟ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුවය.
ඔබ ඔබේම director ID (අධ්යක්ෂ හැඳුනුම්පතක්) සඳහා අයදුම් කළ යුතුය. ඔබට අයදුම් කිරීමට අවශ්‍ය වන්නේ එක් වරක් පමණි. ඔබ ඔබේ director ID (අධ්යක්ෂ හැඳුනුම්පත) පහත දේ වුවත් සදහටම තබා ගන්න:
- සමාගම් වෙනස් කලත්
- ඔබේ නම වෙනස් කලත්
- වෙනත් ප්‍රාන්තයකට හෝ වෙනත් රටකට ගියත්.
Director IDs ව්‍යාජ හෝ වංචනික අධ්යක්ෂ අනන්‍යතා භාවිතය වැළැක්වීමට උපකාරී වේ.
අයදුම් කළ යුත්තේ කවුරුද සහ කවදාද?
ඔබ අධ්‍යක්ෂවරයෙකු නම් හෝ අධ්‍යක්ෂවරයෙකු වන්නේ නම් ඔබට director ID අවශ්‍ය වේ:
- Corporations Act 2001 (Corporations Act) යටතේ වන සමාගමක්, ලියාපදිංචි ඕස්ට්‍රේලියානු ආයතනයක් හෝ ලියාපදිංචි විදේශීය සමාගමක්
- Corporations (Aboriginal and Torres Strait Islander) Act 2006 (CATSI Act) යටතේ ලියාපදිංචි වූ ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධිය දූපත් සංස්ථාවක්.
ස්වයං-කළමනාකරන සුපර් අරමුදල්වල ආයතනික භාරකරුවන් ද director ID සඳහා ඉල්ලුම් කළ යුතුය.
අයදුම් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, director ID අවශ්‍ය කාටදැයි (ඉංග්‍රීසියෙන්) වැඩිදුර විස්තර බලන්න.
ඔබ දැන් ඔබේ director ID සඳහා අයදුම් කළ යුතු වන්නේ:
- දැනටමත්ඔබ අධ්‍යක්ෂකවරයෙක් නම් හෝ
- ඉදිරි මාස 12 තුළ අධ්‍යක්ෂකවරයෙකු වීමට සැලසුම් කරන්නේ නම් පමණි.
ඔබට ඔබේ director ID සඳහා අයදුම් කිරීමට අමතර කාලයක් අවශ්‍ය නම්, director ID සඳහා අයදුම් කිරීමට කාලය දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත අයදුම්පතක් (NAT 75390, PDF 271KB) (ඉංග්‍රීසියෙන්) සම්පූර්ණ කළ යුතුය. ඔබට පෝරමය සම්පූර්ණ කිරීමේදී ගැටළු ඇත්නම්, උපකාර සඳහා අප අමතන්න (ඉංග්‍රීසියෙන්).
ඔබේ director ID සඳහා අයදුම් කරන්නේ කෙසේද?
ඔබ ඔබේම director ID සඳහා අයදුම් කළ යුතු අතර එවිට ඔබට ඔබේ අනන්‍යතාවය ඔප්පු කළ හැක. කිසිවෙකුට ඔබ වෙනුවෙන් අයදුම් කළ නොහැක.
අයදුම් කිරීමට එය නොමිලේ.
ඔබ සතුව ඕස්ට්‍රේලියානු හැඳුනුම්පත් ලේඛන තිබේ නම්, ඔබේ director ID ලබා ගැනීමේ වේගවත්ම ක්‍රමය නම් පහත පියවර අනුගමනය කිරීමෙන් මාර්ගගතව අයදුම් කිරීමයි.
පියවර 1 - myID සකසන්න
ඔබට අවම වශයෙන් සම්මත අනන්‍යතා ශක්තියක් සහිත myID එකක් අවශ්‍ය වනු ඇත.
ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන්නේ නම් සහ:
- දැනටමත් myID එකක් ඇත, පියවර 2 වෙත යන්න
- myID එකක් නැත, ඔබට එකක් පිහිටුවීමට අවශ්‍ය වනු ඇත. How to set up myID (ඉංග්‍රීසියෙන්)
- මූලික අනන්‍යතා ශක්තියක් සහිත myID එකක් පමණක් ලබා ගත හැක, ඔබට ඔබේ director ID සඳහා දුරකථනයෙන් හෝ කඩදාසි පෝරමයක් සමඟ ඉල්ලුම් කළ හැක. වැඩි විස්තර දැනගැනීම සඳහා බලන්න, ඔබේ director ID සඳහා අයදුම් කරන්න (ඉංග්‍රීසියෙන්).
පියවර 2 - ඔබගේ හැඳුනුම්පත් ලේඛන සූදානම් කර ගන්න
ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ඔබගේ myID ඔබගේ ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) වාර්තාවට සම්බන්ධ කිරීමට හැකි වන පරිදි අපි ඔබෙන් ප්‍රශ්න අසන්නෙමු.
ඔබ අයදුම් කරන විට, පහත දෑ ඔබට අවශ්‍ය වනු ඇත:
- ඔබේ බදු ගොනු අංකය (TFN)
- ATO විසින් වාර්තා කර ඇති පරිදි ඔබගේ නේවාසික ලිපිනය
- ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ලේඛන 2කින් තොරතුරු.
පහත දෑ ගැන දැන ගැනීමට ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්න (ඉංග්‍රීසියෙන්) බලන්න:
- ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඔබට භාවිතා කළ හැකි ලේඛන උදාහරණ
- එම ලේඛනවලින් ඔබට සැපයිය යුතු තොරතුරු
- ඔබ අයදුම් කරන්නේ කඩදාසි පෝරමය භාවිතා කරන්නේ නම්, අනන්‍යතා ලේඛනවල සහතික කළ පිටපත් සැපයීමට ඔබට අවශ්‍ය වනු ඇත.
පියවර 3 - ඔබගේ අයදුම්පත සම්පූර්ණ කරන්න
ඔබ සතුව ඔබේ myID සහ ඔබේ හැඳුනුම්පත් ලේඛන තිබේ නම්, පහත බොත්තම භාවිතයෙන් ABRS මාර්ගස්ථ වෙත ලොග් වන්න.
- myID ඔස්සේ දැන් අයදුම් කරන්න (ඉංග්‍රීසියෙන්)
ඔබ ලොග් වූ විට, ඔබට ඔබේ myID යෙදුමට ඇතුළු කිරීමට අවශ්‍ය ඉලක්කම් 4ක කේතයක් ලැබෙනු ඇත.
ඔබ ඔබගේ අයදුම්පත සම්පුර්ණ කරන විට, ඔබගේ director ID (අධ්යක්ෂ හැඳුනුම්පත) ඔබගේ තිරය මත දිස්වනු ඇත.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අධ්යක්ෂවරුන් සඳහා වෙනත් විකල්ප
දුරකථනයෙන් අයදුම් කරන්න
ඔබ දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර මාර්ගගතව අයදුම් කළ නොහැකි නම්, director ID සඳහා අයදුම් කිරීමට අපට (ඉංග්‍රීසියෙන්) අමතන්න.
ඔබ දුරකථනයෙන් අයදුම් කරන විට, ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඔබෙන් අසනු ඇත. තෙවන පාර්ශවයන්ගෙන් සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් ලැබෙන තොරතුරු ඇතුළුව ඔබ ගැන අප සතුව ඇති තොරතුරු මත පදනම්ව අපි ඔබෙන් ප්‍රශ්න අසන්නෙමු. වැඩි විස්තර සඳහා, ඔබේ අනන්‍යතාවය ස්ථාපිත කරන්න (ඉංග්‍රීසියෙන්) බලන්න.
කඩදාසි අයදුම්පතක් ඔස්සේ අයදුම් කරන්න
ඔබට මාර්ගගතව හෝ දුරකථනයෙන් අයදුම් කළ නොහැකි නම්, කඩදාසි අයදුම් පත්‍රයක් භාවිතා කළ හැක. ඕස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයන් සඳහා අධ්යක්ෂ හඳුනා ගැනීමේ අයදුම්පත (NAT 75437, PDF, 230KB) (ඉංග්‍රීසියෙන්).
ඔබට පෝරමය සම්පූර්ණ කිරීමේදී ගැටලු ඇත්නම් හෝ සහාය අවශ්‍ය නම්, අප අමතන්න (ඉංග්‍රීසියෙන්).
ඕස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන අධ්යක්ෂවරු
ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන අතර මූලික අනන්‍යතා ශක්තියක් සහිත myID පමණක් ලබා ගත හැකි නම්, අධ්යක්ෂ හඳුනා ගැනීමේ අයදුම්පත (NAT 75433, PDF 651KB) (ඉංග්‍රීසියෙන්) සම්පූර්ණ කළ හැකිය.
ඔබ ඔබේ හැඳුනුම්පත් ලේඛනවල සහතික කළ පිටපත් සැපයිය යුතුය. වැඩි විස්තර සඳහා, ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්න (ඉංග්‍රීසියෙන්) බලන්න.
ඔබේ කැමැත්තෙන් තොරව ඔබ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?
ඔබ ඔබේ කැමැත්තෙන් තොරව සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබට මාර්ගස්ථ ඉල්ලීමක් ASIC’s කැමැත්ත නොමැති නිලධාරීන් පත් කිරීම සම්බන්ධ උපදෙස් (ඉංග්‍රීසියෙන්) ඔස්සේ ඉදිරිපත් කළ හැක.
පහත විකල්ප තෝරන්න:
- මගේ ප්රශ්නය සමාගම ගැන
- තොරතුරු පවත්වාගෙ යන ආකාරය සම්බන්ධව මම දැනගන්න කැමතියි
ඔබ පහත දෑ සැපයිය යුතුය:
- ඔබගේ පුද්ගලික තොරතුරු
- ඕස්ට්‍රේලියානු සමාගම් අංකය (ACN)
- සමාගමේ නම
- එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වීමට ඔබ ඔබේ කැමැත්ත ලබා නොදුන් බව පැහැදිලි කරන තොරතුරු.
ඔබගේ ඉල්ලීම ASIC මගින් විමර්ශණය කර පිළිතුරක් ලබා දෙනු ඇත.
ඔබගේ director ID සමඟ කල යුතු දේ
ඔබට ඔබගේ ලැබුණු පසු director ID, ඔබගේ සමාගම් වාර්තා සමඟ හෝ පරිගණක පද්ධතියක හෝ ආරක්ෂිතව තබා ගන්න.
ඔබට සම්මත අනන්‍යතා ශක්තියක් හෝ ඊට වැඩි myID එකක් තිබේ නම්, ඔබට ඕනෑම වේලාවක ඔබේ director ID බැලීමට හෝ ඔබේ විස්තර යාවත්කාලීන කිරීමට ABRS මාර්ගගතව පිවිසිය හැකිය.
ඔබගේ තොරතුරු බලා ගන්න, නැතිනම් යාවත්කාලීන කරන්න
ඔබ මාර්ගස්ථව අයදුම් කල අතර myID එකක් ඇතිනම්
ඔබට අවම වශයෙන් සම්මත අනන්‍යතා ශක්තියක් සහිත myID එකක් තිබේ නම්, ඔබට මාර්ගස්ථ ABRS වෙත ලොග් විය හැකිය (ඉංග්‍රීසියෙන්). ඔබ ලොග් වීමෙන් පසු:
- ඉල්ලීමේ තත්වය ඇතුළුව, ඔබගේ director ID බලා ගත හැක
- (නිවෙස් පිටුවේ ඉහළ දකුණු කෙළවර ඔබගේ Director ID දැකිය හැක)
- පුද්ගලයාගේ තොරතුරු බලන විකල්පය තේරීම මගින් ඔබගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කල හැක
- ඔබගේ director ID පහළින් ඇති බාගත කරන්න භාවිතයෙන් ඔබගේ director ID හි PDF පිටපතක් බාගත කල හැකිය.
ඔබ දුරකථනයෙන් හෝ කඩදාසි මගින් අයදුම් කර myGov ගිණුමක් තිබේ නම්
ඔබ දුරකථනයෙන් හෝ කඩදාසි මගින් director ID සඳහා අයදුම් කල අතර ATO සමඟ සම්බන්ධකල myGov ගිණුමක් ඇතිනම් ඔබගේ director ID දැන්වීම ලබා දෙන්නේ ඔබගේ myGov ඉන්බොක්ස් වෙතය.
Director ID දැන්වීම සොයා ගැනීම සඳහා:
- ඔබගේ myGov ගිණුම වෙත යන්න
- ඉන්බොක්ස් තෝරා ගන්න
- ඔබගේ director ID සොයා ගැනීම සඳහාා සෙවුම් බාරය ඔස්සේ හෝ පණිවුඩ වෙත යන්න
- පණිවුඩය විවෘත කරන්න, ඉන්පසු ඉහළ දකුණු කෙළවර director ID දැක්වේ.
ඔබ දුරකථනයෙන් හෝ කඩදාසි මගින් අයදුම් කල අතර ගිmyGov ණුමක් නැතිනම්
ඔබ දුරකථනයෙන් හෝ කඩදාසි මගින් director ID සඳහා අයදුම් කල අතර myGov ගිණුමක් නැතිනම්, ඔබගේ director ID දැන්වීම ඔබගේ අයදුම්පත යොමු කරන අවස්ථාවෙථ ඔබ විසින් ලබාදුන් තැපැල් ලිපිනයට යවනු ඇත.
මෙම ලිපියෙහි ඔබගේ director ID ඇතුලත් කර ඇති අතර ඔබගේ වාර්තා සඳහා එය තබා ගත යුතුය.
ඔබ ලඟ මෙය තවදුරටත් නැතිනම් සහ වෙනත් පිටපතක් අවශ්‍ය නම්, director ID දැන්වීමේ පිටපතක් ලබා ගැනීම සඳහා අප සමඟ සම්බන්ධ විය හැකිය.
ඔබගේ තොරතුරු මාර්ගස්ථව හෝ දුරකථනයෙන් යාවත්කාලීන කල නොහැකි නම්, කඩදාසි අයදුම් පත භාවිතා කරන්න. ඔබගේ පුද්ගලික තොරතුරු යාවත්කාලීන කර ගන්න (NAT 75330, PDF 343KB) (ඉංග්‍රීසියෙන්) බාගත කර ගන්න.
අපව අමතන්න
අපට කතා කරන්න
සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8:00 සිට සවස 6:00 දක්වා ඔබට අපව ඇමතීමට හැකිය.
- ඔබ ඕස්ට්‍රේලියාවේ සිටින්නේ නම්, 13 62 50 අමතන්න.
- ඔබ විදේශගත නම් +61 2 6216 3440 දුරකථන අංකයට අමතන්න.
- පරිවර්තන සහ භාෂාණ පරිවර්තන සේවාව (TIS National) - සඳුදා සිට සිකුරාදා දක්වා 13 14 50 ඔස්සේ පෙ.ව. 8:00 සිට සවස 6:00 දක්වා TIS National වෙත දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට කැමති භාෂාවෙන් අපට කතා කළ හැකිය. ඔබ විදේශයක සිට අමතන්නේ නම්, +61 3 9268 8332 අංකයට අමතන්න. එවිට සේවාව පරිවර්තකයකු සමඟ අපව අමතනු ඇත, එවිට අපට ඔබේ විමසුමට උදවු කළ හැක.
- ආපසු ඇමතුම් මාර්ගය - අපි ඔබව ලිපියකින්, විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගන්නේ නම්, අපි අපගේ ඇමතුම් අංකය සහ PIN අංකය ලබා දිය හැක. අංකයට කතා කරන්න, විමසූ විට, අපි ඔබට ලබා දුන් PIN අංකය ඇතුළත් කරන්න. මෙය ඔබ නිවැරදි පාරිභෝගික සේවා නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වී ඇති බව සහතික කරයි
- ඔස්ට්‍රේලියාවේ නැවත ඇමතුම් අංකය - 1300 306 275
- ඔස්ට්‍රේලියාවෙන් පිටත නැවත ඇමතුම් අංකය - +61 2 6216 3442 සහ 1300 306 275 වෙත සම්බන්ධ වීමට අසන්න.
අපි ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න
අපට ඔබේ විස්තර සාකච්ඡා කිරීමට හෝ ඔබේ වාර්තා යාවත්කාලීන කිරීමට පෙර, ඔබ ඔබේ අනන්‍යතාවය ඔප්පු කළ යුතුය.
තෙවන පාර්ශ්වයන්ගෙන් සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් ලැබෙන තොරතුරු ඇතුළුව ඔබගේ බදු තොරතුරු මත පදනම්ව අපි ඔබෙන් ප්‍රශ්න අසන්නෙමු.
මෙයට ATO ලිපි හෝ ඔබට නිකුත් කර ඇති දැන්වීම්වලින් විස්තර, බදු ප්‍රතිලාභයකින් විස්තර, හෝ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපට උදවු වන වෙනත් තොරතුරු ඇතුළත් විය හැක.
අපට ලියන්න
ඔබට අප වෙත ලිවිය හැකිය:
AUSTRALIAN BUSINESS REGISTRY SERVICES
LOCKED BAG 6000
ALBURY NSW 2640
AUSTRALIA